එකම පොදු වැසිකිළියට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අබිරහස් ලෙස මරුට

නුවරඑළිය බස් නැවතුම්පොළේ වැසිකිළියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙය පොදු වැසිකිළියක් වන අතර; එය නුවරඑළිය මහ නගර සභාව යටතේයි පාලනය වන්නේ.

ඊයේ (26) පස්වරුවේ නුවරඑළිය පල්ලිය පාරේ පදිංචි ව සිටි අවුරුදු 71 වන මොහොමඩ් ඉමිතියාස් පසාල් ෂෙරබ් නමැති පුද්ගලයා වැසිකිළියට ගිය අවස්ථාවේ දී ඔහු වැසිකිළිය තුළ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දෙවැනි මරණය අද (27) උදෑසන සිදු ව ඇති අතර; මියගිය තැනැත්තා 51 හැවිරිදි බගවන්තලාව – ආරියපුර ප්‍රදේශයේ පදිංචි අජිත් නිශ්ශංක නමැත්තෙක්.

මෙම පුද්ගලයින් දෙදෙනා ම අවස්ථා දෙකක දී එකම වැසිකිළියකට ගොස් ඇති බවත් එහිදී ජීවිතක්ෂයට පත් ව ඇති බවත් නුවරඑළිය පොලිසිය පැවසුවා.

අබිරහස් ලෙස මියගිය දෙදෙනාගේ ම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ ද සහාය ඇති ව තවත් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරෙන අතර එතෙක් අදාළ වැසිකිළිය මුද්‍රා තබා තිබෙනවා.

එම වැසිකිළිය තුළින් දැඩි දුර්ගන්ධයක් හමන බවත්, ඒ පිළිබඳ ව ද විමර්ශන කටයුතුවල දී අවධානය යොමු ව ඇති බවත් වාර්තා වනවා.

නුවරඑළිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කිත්සිරි හේරත් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ එම වැසිකිළියේ පුරුෂ පාර්ශ්වය සඳහා වෙන් කර තිබු වැසිකිළි පද්ධතිය මුද්‍රා තැබු බවත්, කාන්තා පාර්ශ්වය සඳහා වෙන් කර ඇති කොටස විවෘත ව පවතින බවයි.

වැසිකිළිය තුළ දී මියගිය දෙදෙනා ම රෝගීන් බවට ද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30