දසත බෝපත මෙත්මුනි මහ සෑ පොසොන් කලාපයේ දෙවැනි දිනය අදයි (වීඩියෝ)

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වූ දසත මාධ්‍ය ජාලය හා මෙත්මුනි සෑ තරුණ දම් සභාව එක්ව සංවිධානය කරන, දසත බෝපත මෙත්මුනි මහාසෑ පොසොන් කලාපය සත් දිනක් පුරා අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි සෑ පින්බිමේ දී සිදු කෙරෙනවා.

මෙහි දී සැදැහැවත් ඔබ සැමට ගෞතම බුදු රජාණන් වහන්සේගේ නිසැක උත්තම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට අද (22) සිට අවස්ථාව හිමිවනවා.

‍‍දසත බෝපත පොහෝ දින විශේෂ වැඩසටහනට සමගාමීව අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි සෑයේ තැන්පත් කිරීම පිණිස මාතර සිට අලව්වට දින හතක් පුරා රථ පෙරහැරකින් වැඩම කර වූ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවා ලූ රිය පෙරහර ඊයේ (21) පස්වරුවේ අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි මහාසෑ පුදබිමට ළඟා වුණා.

ඒ මහා සංඝරත්නය සියක් නමක් පෙරටු කර ගනිමින්.

තායිලන්තයේ සිට මෙරටට වැඩම කර වූ සම්බුදු පියාණන්ගේ නිසැක උත්තම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඇතුලු උත්තම ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැර ගමන් ආරම්භ කළ මොහොතේ සිට මග දෙපස රැස්වූ අති විශාලබෞද්ධ ජනතාව ඊට
දැක්වූවේ සුවිශේෂි වූ ගෞවරයක්.

එසේ වැඩම කරවන ලද නිසැක ශ්‍රී උත්තම සර්වඥ ධාතූන් වහන්සේ, දසත මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ, සුප්‍රීම් දසත අධ්‍යක්ෂ පී.එස්. මධුශංක මහතාගේ සුරතින් අලව්ව – මහාරච්චිමුල්ල මෙත්මුනි මහාසෑ පින්බිමේ ධාතු මන්දිරයේදී තැන්පත් කිරීම සිදු කෙරුණා.

ඒ අනුව තායිලන්තයෙන් මෙරටට වැඩම වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ මහ රහත් ධාතුන් වහන්සේ 15 නමක් පින් සිතින් වන්දනා කිරීමට සුවහසක් බෞද්ධ ජනතාවට තව දින 6 ක් අවස්ථාව උදා වනවා.

එලෙසම, ලංකාවේ අලංකාරම හා දැවැන්තම පොසොන් තොරණ් රාජයා දැක බලා ගැනීමටත්, මෙත්මුණි මහ සෑ පුදබිමට පැමිණෙන ඔබට හැකිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08