කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි ? (නිවේදනය)

ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානයේ මිහිඳු මහා පෙරහැර පැවැත්වීම හේතුවෙන් කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගය අවහිර වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ වේයන්ගොඩ පොලිස් වසමේ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානය මගින් හෙට (21) දිනට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් සෑම වසරක ම අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන මිහිඳු මහා පෙරහැර මෙවරත් පැවැත්වීම කරණකොටගෙන මෙම ප්‍රධාන මාර්ගය අවහිර වනු ඇති බවයි.

මේ හේතුවෙන් පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේ දී සවස 06 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 06ක කාලයක් විහාර භූමියෙන් ඇරඹෙන මෙම පෙරහැර වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය හරහා එළුවාපිටිය මෝල හන්දිය තෙක් ගමන් කර නැවත එම මාර්ගයේ ම පැමිණෙන බැවින් මගීන්ට සහ රියදුරන්ට ඉන් බාධාවක් ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

එම කාලය තුළ නිට්ටඹුව – කටුනායක ප්‍රධාන මාර්ගයේ අධික රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් පෙරහර ගමන් ගන්නා කාලය තුළ පහත නිවේදනයේ දැක්වෙන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40