Empty Ad
Empty Ad
 Empty Ad

එළවළු පැටවූ ලොරි රථයක් තෙල් බවුසරයක ගැටී අනතුරක් – එක් අයෙකුට බරපතළයි (වීඩියෝ)

එළවළු ලොරි රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ලොරි රථයේ සහායක බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

A9 මාර්ගයේ මිහින්තලය – පලුගස්වැව ප්‍රදේශයේ දී අද අලුයම 03ට පමණ මෙම අනතුර සිදු වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; එළවළු ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවත්, ඉන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙසේ රෝහලගත කර ඇත්තේ එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන අතර එම ලොරි සහයකයාගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස තුවාල ලැබූවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ප්‍රවාහනය කරමින් සිටියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බහුසරයක පිටුපස ගැටී එළවළු ලොරි රථය පෙරළී ගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර පොලිසිය පවසන්නේ එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23
Video thumbnail
කළුතරට ඇවිල්ලා බලන්න පුලුවන් පැළේ වල්ද - පැළේ හොඳ පැළයක්ද කියලා
03:19
Video thumbnail
දේශපාලනිකව කුහක විදියට අපි හිතන්න නරකයි - ආය ගෝල්ෆේස් එකේ පෙළපාලි නැත#dilithjayaweera
03:38
Video thumbnail
අවුරුදු 05ක් මාධ්‍ය අපිට සහය දක්වයි කියලා අපි හිතනවා
01:09
Video thumbnail
ජනපතිගේ කතාවෙන් සජිත් පුදුමයට පත්වෙයි
07:40
Video thumbnail
සියලු වැඩ අවසන් කර ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවෙන් පිටව යාම
00:52
Video thumbnail
විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට සහයෝගය දෙනවා - ජනාධිපතිගේ කතාව හොඳයි
00:53
Video thumbnail
කිව්ව දේවල් කරන්න අපි ජනපතිට සහාය දෙනවා
01:20
Video thumbnail
මහ වැසි මැද අකුරැස්ස ජලයෙන් යටවෙයි - ලවන බාදකයට දැන්වත් විසඳුම් නැද්ද?
05:43
Video thumbnail
ඉස්සර මහින්දම තමයි අදත් ඉන්නේ
01:07

?