AFC Banner
Empty Ad
Empty Ad

රනාලේ බිහිසුණු අනතුරක් – 30 දෙනෙකු රෝහල්ගත කෙරේ (ඡායාරූප)

කඩුවෙල – රනාල ප්‍රදේශයේ බිහිසුණු රිය අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම රිය අනතුරට ලක් ව ඇත්තේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්.

බෝමිරිය විද්‍යාලයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි සිසු සැරිය රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදු ව ඇත්තේ.

අද (19) දහවල් 2ට පමණ මෙම අනතුර සිදු ව තිබෙනවා.

මෙම අනතුරට ලක් වූ සිසු සැරිය බස් රථය ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටී ඇති බවයි පැවසෙන්නේ.

එම බස් රථවල ගමන් ගත් සිසුන් සහ වෙනත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් තුවාල ලැබූවන්ගේ ජීවිත අවදානම් නොවන බවයි අප කළ විමසීමකදී රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ.

web type dasatha t3
web type dasatha to2
web type dasatha to 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
6
+1
2
+1
19
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?