කිවියන් දොට්ට ඇදවැටීමේ අවසන් තරගය අද

මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ 39 වැනි තරගය අද (17) රාත්‍රී 08ට ආරම්භ වනවා.

ඒ නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාව සමගයි.

මෙම කණ්ඩායම දෙකම C කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර Tarouba හි දී තරගය පැවැත්වෙනවා.

නවසීලන්ත කණ්ඩායමට ද මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ තරගවලින් ම සිය මව්රට බලා යාමට සිදු වනු ඇති.

ඒ මේ වනවිටත් ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සුපිරි 08 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා අවසන් වීම හේතුවෙන්.

නවසීලන්තය මීට පෙර මුහුණදුන් තරග 03න් දෙකක් ම පරාජයට පත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඇෆ්ගනිස්තානය හමුවේයි.

උගන්ඩාවට එරෙහි තරගය පමණක් කිවියන්ට ජයගැනීමට හැකි වුණා.

පැපුවා නිව්ගිනියාව තරග 03කට මුහුණදුන් අතර එම තරග තුනෙන් ම අවාසනාවන්ත ලෙසින් පරාජයට පත් වුණා.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47