සම්පූර්ණ වගකීම මමයි කණ්ඩායමයි භාරගන්නවා – වනිඳු

ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් නායකයෙක් සහ ක්‍රීඩකයෙකු වශයෙන් තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සමඟ අද (17) තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වනිඳු මේ බව සඳහන් කළා.

දක්ෂ පන්දු යවන්නන් කණ්ඩායම තුළ සිටියත් පිතිකරුවන්ගේ පැවති දුර්වලතා හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් කලින්ම ඉවත්වීමට සිදුවූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කලක සිට පවතින අඩුපාඩු තවමත් හදාගැනීමට කටයුතු කර නොමැති බව ද වනිඳු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා.

වනිඳු හසරංග මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වටා සිටින ප්‍රේක්ෂකයින් තරහා කරවීමේ අරමුණින් එක්තරා පිරිසක් සමාජ මාධ්‍ය තුළ කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් තරග ජයග්‍රහණය කළත් පරාජය වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම වටා ප්‍රේක්ෂකයින් රැඳී සිටින බව ද ඔහු පැවසුවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ලද මෙම අවමන් සහගත පරාජයේ වගකීම තමන් ඇතුළු කණ්ඩායම භාරගන්නා බවයි වනිඳු මෙහිදී සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
8
+1
108
+1
2
+1
11
+1
3
+1
53
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21