දේශගුණ විපර්යාස අවම කිරීමට ගෙන ඇති පියවර ගැන අධිකරණයෙන් නියෝගයක්

දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දේශගුණක විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් අද (11) කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ විසින් මේ බව දැනුම් දෙනු ලැබුවා.

මෙම නඩුව ඉකුත් දිනයේ කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශගුණක විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට චෝදනා කර තිබුණා.

ඒ අනුව අදාළ විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් නඩු දිනයේ දී නීතිපතිවරයාට නියෝග කරනු ලැබුවා.

අදාළ පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ විසින් අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් පියවර රාශියක් ගෙන තිබෙන බවයි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදාළ වාර්තාව අධ්‍යයනය කර පෙත්සම්කාර පාර්ශ්වයේ නිරීක්ෂණ අගෝස්තු මස 01 වන දා අධිකරණයට දැනුම්දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38