AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට තවමත් සුපිරි 08 වටයට යන්න පුළුවන්

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වීමේ අවදානමකට ශ්‍රී ලංකාව අද ලක්වුණා.

ඒ, ඩලස් හිදී බංග්ලාදේශය සමඟ අද පැවති තරගයෙන් කඩුලු 02ක තියුණු පරාජයක් වැළඳගැනීමට සිදුවීමත් සමඟයි.

ශ්‍රී ලංකාව මූලිකවටයේ මේ වනවිට තරග දෙකකට මුහුණ දී ඇති අතර, එම තරග දෙකම පරාජයට පත්ව සිටිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව මේ වනවිය ‘ඩී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසු වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ නේපාලය සහ අයර්ලන්තය අතර තරග දෙක පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට තවමත් සුළු අවස්ථාවක් පවතිනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරග දෙකම ඉහළ දළ ලකුණු වේගයක් පවත්වාගනිමින් ජය ගත යුතු වනවා.

ඊට අමතව එම කාණ්ඩය තුළ අනෙක් කණ්ඩායම්වල ජය පරාජයන් මත රැඳී සිටින්නට ද ශ්‍රී ලංකාවට මේ වනවිට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
34
+1
406
+1
20
+1
53
+1
22
+1
143
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?