සතොස භාණ්ඩ රැසක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කර තිබෙනවා.

මෙම මිල අඩුවීම අද සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියළි මිරිස්, හාල්මැස්සන් සහ වටානා පරිප්පුවල මිල මෙලෙස අඩු කර තිබෙනවා.