AFC Banner
Empty Ad
Empty Ad

දිල්ලි නුවර ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ගින්නක් – බිළිඳුන් 06ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ඉන්දියාවේ නවදිල්ලි නුවර ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් බිළිඳුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ගින්නෙන් බිළිඳුන් 12 දෙනෙකු බේරාගෙන ඇති නමුත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉන් හයදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දැනට ඔක්සිජන් ලබා දෙමින් බිළිඳුන් හයදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

දිල්ලි ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර දිල්ලියේ විවේක් විහාර් ප්‍රදේශයේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඊයේ (25) රාත්‍රී 11.32ට පමණ ගින්නක් පිළිබඳ ඇමතුමක් ලැබුණු බවයි.

ඉන් අනතුරුව ගිනි නිවන රථ අටක් පමණ එම ස්ථානයට පිටත්කර යැවූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?