නීතියට පිටින් මසුන් ඇල්ලූ 06කට වැඩ වරදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (03) අලුයම සිදු කළ මෙම මෙහෙයුමේදී මෙම පුද්ගලයින් හයදෙනා සමඟ ඩිංගි යාත්‍රා තුනක් හා නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව අද උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් චලෙයි නාවික අනුඛණ්ඩය මඟින් යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි.

එහිදී නීතිවිරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රා තුන සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 40 ත් අතර වයසේ පසුවන තලෙයිමන්නාරම සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හය දෙනා, ඩිංගි යාත්‍රා සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව පාර්ලිමේන්තුවට කැඳවනවා
13:35
Video thumbnail
ජනාධිපතිතුමා වංචනිකයින්ට ගසාකන්න ඉඩ දීලා
12:12
Video thumbnail
L බෝඩ් කණ්ඩායමට රට දෙන්න එපා කියලා රනිල් එදාම කිව්වනේ
10:38
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39
Video thumbnail
ගෙයක් කොල්ලකාලා බඩු ටික බිරිඳටයි අනියම් බිරිඳටයි බෙදලා දීපු හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයා
01:26
Video thumbnail
බස් රථ තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
01:02