spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීතියට පිටින් මසුන් ඇල්ලූ 06කට වැඩ වරදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (03) අලුයම සිදු කළ මෙම මෙහෙයුමේදී මෙම පුද්ගලයින් හයදෙනා සමඟ ඩිංගි යාත්‍රා තුනක් හා නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව අද උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් චලෙයි නාවික අනුඛණ්ඩය මඟින් යාපනය, චලෛයි මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් නීරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි.

එහිදී නීතිවිරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හය දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රා තුන සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 40 ත් අතර වයසේ පසුවන තලෙයිමන්නාරම සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හය දෙනා, ඩිංගි යාත්‍රා සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?