තායි නිරූපිකාවකගේ සිරුර බහරේනයේ මෘත ශරීරාගාරයකින් සොයාගැනේ

වසරක පමණ සිට අතුරුදන්ව සිටි තායි නිරූපිකාවකගේ සිරුර බහරේනයේ මෘත ශරීරාගාරයකින් සොයාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කාරනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 31 හැවිරිදි කයිකන් කාන්නාකම් නැමැති තායිලන්ත නිරූපිකාවකගේ සිරුර බවයි වාර්තා වන්නේ.

චයිනා ටයිම්ස් පුවත්පතට අනුව මෙම නිරූපිකාව තම මව් රටෙන් පිටව බහරේනයේ අවන්හලක රැකියාවක් සඳහා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

නිතිපතා සමාජ මාධ්‍යවල ඡායාරූප සහ විවිධ සටහන් පළ කිරීමට පුරුදුව සිටි ඇයට බහරේනයේ දී පෙම්වතෙක් මුණගැසී එම බහරේන් පෙම්වතා සමඟ එකට ජීවත් වීමට පටන් ගත් බව ඇගේ පවුලේ අය පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඇය සම්බන්ධයෙන් 2023 අප්‍රේල් මාසයේ සිට තොරතුරක් දැනගන්නට නොලැබුණු බවයි අයගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

ඔවුන්ට ඇයව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ද උත්සාහ කර ඇති අතර එයට ද හැකියාව ලැබී නැහැ.

කයිකාන්ගේ පවුලේ අය මේ වසරේ ජනවාරි මාසයේ දී බහරේනයේ තායි තානාපති කාර්යාලයෙන් උපකාර පැතූ නමුත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට හැකියාව ලැබී නොමැති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් 18 වනදා තායි තානාපති කාර්යාලය පවුලේ අයට පවසා ඇත්තේ නාඳුනන අග්නිදිග ආසියානු කාන්තාවකගේ සිරුරක් සල්මානියා වෛද්‍ය සංකීර්ණයේ මෘත ශරීරාගාරයේ ඇති බවයි.

ඇයගේ කකුලේ පච්චයක් ද කොටා ඇති බව දැනුම් දී ඇති අතර, එම සලකුණු මඟින් ඇගේ පවුලේ සාමාජිකයින්ට එම මෘත ශරීරය කයිකාන් කාන්නාකම්ගේ බව තහවුරු කරගෙන තිබෙනවා.

ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මත්පැන් විෂ වීම හේතුවෙන් උග්‍ර හෘද සහ පෙනහළු ආසාදනයක් බවයි.

මේ අතර කයිකාන්ගේ පවුලේ සාමාජිකයින් ඇයගේ දේහය ආපසු ගෙන්වා ගැනීමට උපකාර සොයමින් සිටින අතර, ඇයගේ මරණය සැක සහිත බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?