ධර්මසේනට වැරදුනු තැනක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

2019 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය පිළිබඳව එම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ මාරයිස් ඉරැස්මස් විස්නිසුරුවරයා වසර 5කට පසුව විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.

දැඩි මතභේදයට තුඩුදුන් මෙම ලෝක කුසලාන අවසන් මහ තරගයේ නවසීලන්තයට හිමිවීමට තිබූ ජයග්‍රහණය, එංගලන්තයට හිමිවීමට තරගය අවසානයේ සිදුවූ බරපතළ අත්වැරැද්දක් හේතු වූ බවයි ඔහු පවසන්නේ.

විනිසුරුවරයා මේ බව සඳහන් කර ඇත්තේ එංගලන්ත ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදීයි.

2019 වසරේ එංගලන්තයේදී පැවති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තයයි.

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා.

ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දු තුනේදී හිමි වු ඉලක්කය ලකුණු 9ක් .

අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවට මුහුණදුන් බෙන් ස්ටෝක්ස් මිඩ්විකට් කලාපයට පහරක් එල්ල කරමින් ලකුණු 2ක් කරා පැති මාරු කරගනිද්දී පන්දුව රැකගත් නවසීලන්ත ක්‍රිඩක මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුලු රකින්නා වෙත යොමු කළා.

ගප්ටිල් යොමුකළ එම පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇඳි ගියා.

එහිදී පිටියේ පිටියේ විනිසුරුවරු ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන සංඥා කළේ පිතිකරුවන් ලබා ගත් ලකුණු දෙකත්, අතිරේකව ලැබුණු ලකුණු 2ත් සමඟ එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් හිමිවිය යුතු බවයි.

නමුත් ක්‍රිකට් නීතිවලට අනුව පිතිකරුවන් ලකුණ සම්පූර්ණ කළ බව සැලකෙන්නේ පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා පැතිමාරු කරගෙන සිටියහොත් පමණයි.

කෙසේ වෙතත් අවසන් මහා තරගයේ පුනරූපනවලින් පෙනීයන්නේ මාටින් ගප්ටිල්ගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාව වනවිට බෙන් ස්ටෝක්ස් සහ ආදිල් රශීඩ් දෙවැනි ලකුණ කරා පැති මාරුකරගෙන නොසිටි බවයි.

අවසානයේ එම තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ලබාදුන් අතර සුපිරි පන්දුවාරයේදී ද ලකුණු සමවීම හේතුවෙන් වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ කණ්ඩායම වූ එංගලන්තයට ලෝක කුසලානය හිමිවුණා.

යම් හෙයකින් කුමාර් ධර්මසේන එම අවස්ථාවේ ලබාදුන් ලකුණු 6 වෙනුවට ලකුණු 5ක් ලබාදුන්නේ නම් නවසීලන්තයට ලෝක කුසලානය ජයගැනීමට අවස්ථාව සැලසෙනවා.

ඒ අනුව සැබැවින්ම එංගලන්ත කන්ඩායමට ලබාදිය යුතු ලකුණු 5 වෙනුවට ලකුණු 6ක් ලබාදීමෙන් තමන් අතින් සිදුවු මෙම වැරැද්ද පිලිබඳ කුමාර ධර්මසේන විසින් ඊට පසුදින ඔවුන් රැඳී සිටි හෝටලයේදී කතාබහ බහකළ බව මාරයිස් ඉරැස්මස් ඔහු ලබාදුන් සම්මුඛ සාකච්චාවේදී සඳහන් කර තිබෙනවා.

එහිදී කුමාර් ධර්මසේන විසින් මාරයිස් ඉරැස්මස් හට සඳහන් කර ඇත්තේ “ඔබ දැක්කද අපි කරල තියන බරපතළ වරද” යනුවෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
13
+1
25
+1
10
+1
26
+1
9
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?