ධර්මසේනට වැරදුනු තැනක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

2019 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය පිළිබඳව එම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ මාරයිස් ඉරැස්මස් විස්නිසුරුවරයා වසර 5කට පසුව විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.

දැඩි මතභේදයට තුඩුදුන් මෙම ලෝක කුසලාන අවසන් මහ තරගයේ නවසීලන්තයට හිමිවීමට තිබූ ජයග්‍රහණය, එංගලන්තයට හිමිවීමට තරගය අවසානයේ සිදුවූ බරපතළ අත්වැරැද්දක් හේතු වූ බවයි ඔහු පවසන්නේ.

විනිසුරුවරයා මේ බව සඳහන් කර ඇත්තේ එංගලන්ත ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදීයි.

2019 වසරේ එංගලන්තයේදී පැවති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තයයි.

එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා.

ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දු තුනේදී හිමි වු ඉලක්කය ලකුණු 9ක් .

අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවට මුහුණදුන් බෙන් ස්ටෝක්ස් මිඩ්විකට් කලාපයට පහරක් එල්ල කරමින් ලකුණු 2ක් කරා පැති මාරු කරගනිද්දී පන්දුව රැකගත් නවසීලන්ත ක්‍රිඩක මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුලු රකින්නා වෙත යොමු කළා.

ගප්ටිල් යොමුකළ එම පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇඳි ගියා.

එහිදී පිටියේ පිටියේ විනිසුරුවරු ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන සංඥා කළේ පිතිකරුවන් ලබා ගත් ලකුණු දෙකත්, අතිරේකව ලැබුණු ලකුණු 2ත් සමඟ එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් හිමිවිය යුතු බවයි.

නමුත් ක්‍රිකට් නීතිවලට අනුව පිතිකරුවන් ලකුණ සම්පූර්ණ කළ බව සැලකෙන්නේ පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාවේ පිතිකරුවන් දෙදෙනා පැතිමාරු කරගෙන සිටියහොත් පමණයි.

කෙසේ වෙතත් අවසන් මහා තරගයේ පුනරූපනවලින් පෙනීයන්නේ මාටින් ගප්ටිල්ගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාව වනවිට බෙන් ස්ටෝක්ස් සහ ආදිල් රශීඩ් දෙවැනි ලකුණ කරා පැති මාරුකරගෙන නොසිටි බවයි.

අවසානයේ එම තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ලබාදුන් අතර සුපිරි පන්දුවාරයේදී ද ලකුණු සමවීම හේතුවෙන් වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ කණ්ඩායම වූ එංගලන්තයට ලෝක කුසලානය හිමිවුණා.

යම් හෙයකින් කුමාර් ධර්මසේන එම අවස්ථාවේ ලබාදුන් ලකුණු 6 වෙනුවට ලකුණු 5ක් ලබාදුන්නේ නම් නවසීලන්තයට ලෝක කුසලානය ජයගැනීමට අවස්ථාව සැලසෙනවා.

ඒ අනුව සැබැවින්ම එංගලන්ත කන්ඩායමට ලබාදිය යුතු ලකුණු 5 වෙනුවට ලකුණු 6ක් ලබාදීමෙන් තමන් අතින් සිදුවු මෙම වැරැද්ද පිලිබඳ කුමාර ධර්මසේන විසින් ඊට පසුදින ඔවුන් රැඳී සිටි හෝටලයේදී කතාබහ බහකළ බව මාරයිස් ඉරැස්මස් ඔහු ලබාදුන් සම්මුඛ සාකච්චාවේදී සඳහන් කර තිබෙනවා.

එහිදී කුමාර් ධර්මසේන විසින් මාරයිස් ඉරැස්මස් හට සඳහන් කර ඇත්තේ “ඔබ දැක්කද අපි කරල තියන බරපතළ වරද” යනුවෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
13
+1
25
+1
10
+1
26
+1
9
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හිටපු පොලිස්පතිගේ දේහයට අවසන් ගෞරව දක්වයි...
00:20
Video thumbnail
බදාගෙන දුක බෙදාගත් දේශබන්දු තෙන්නකෝන්...
00:58
Video thumbnail
මෛත්‍රී සංවේදී වෙයි - සති 3කට කළිනුත් අපි හමුවුණා
03:28
Video thumbnail
කලකට පසු එළියට බැස්ස දේශබන්දු තෙන්නකෝන්, හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
02:01
Video thumbnail
අවසන් ගෞරවයට නිල සැලියුට් එකක්… වුඩ්ලර්ගේ සංවේදී ආචාරය
00:26
Video thumbnail
දෙකෙන් එකක් බේරගන්න අපි කොළඹට එනවා
04:29
Video thumbnail
දුක්බරව සිටි හිටපු පොලිස්පතිගේ පුතු වැළඳ සැනසූ තලතා..
00:49
Video thumbnail
හිටපු පොලිස්පතිගේ අවසන් ගමනේ සංවේදී මොහොතක්… CD ඉදිරියේ නිහඬව නතර වූ රනිල්
00:32
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරලා අවසන් ගෞරවය දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා
01:56
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31