ආසාත්මිකතා මරණ සාමාන්‍යකරණය ගැන ඖෂධ නියාමන අධිකාරියට චෝදනා

නිසි පරීක්ෂාවකින් තොරව, ආසාත්මිකතා මරණ සාමාන්‍යකරණය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය දිගින් දිහටම උත්සාහ ගනිමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රාගම ශික්ෂණ රෝහලේ 21වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගයකුට එන්නතක් ලබාදීමත් සමඟ පසුගිය 27වනදා හදිස්සියේම මිය ගොස් ඇති බවයි.

මෙය රෝගියාගේ රෝග තත්වයට අදාල හෝ ප්‍රතිකාරයෙන් අපේක්ෂිත තත්වයක් නොවන බැවින්, සැක සහිත මරණයක් බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සදහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 50 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

තමාගේ කනෙහි ඇති වූ කැක්කුමක් සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔහු රෝහල්ගතව ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස මියගිය පුද්ගලයාට මතභේදාත්මක කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නතක් ලබාදීමෙන් පසුව මෙසේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබෙනවා.

අදාළ රෝගියාට එම එන්නත ඊට පෙර අවස්ථා 11ක දී එන්නත් කර ඇති අතර 12 වැනි වර එය එන්නත් කිරීමත් සමඟ ඔහු මියගිය බව එන්නත්කරණය සිදුකළ හෙදිය සිය වාර්තා වේ සටහන් කර ඇති බව ද වාර්තාවනවා.

කෙසේ වෙතත් එම එන්නත නිර්දේශ කරන ලද වෛද්‍යවරයා සිය වාර්තාවේ සටහන් කර ඇත්තේ මෙම රෝගියා මියගොස් ඇත්තේ කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) ඖෂධය එන්නත් කර ටික වේලාවකට පසුව බවයි.

මෙම රෝගියා සඳහා භාවිත කල ප්‍රතිජීවක එන්නත හේතුවෙන් මේ වන විට මරණ දහයකට වඩා අධික සංඛ්‍යාවක් සිදු වී ඇති නමුත්, ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා සාමාන්‍ය තත්වයන් ලෙස බැහැර කිරීම කැපී පෙනෙන ගැටළුවක් බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.

ඖෂධ ඛාණ්ඩයකින් කැපීපෙන සංකූලතා තුනකට වඩා සිදු වුවහොත්, එම ඔෂධය සම්බන්ධයෙන් ගත යුතු සුවිශේෂි ක්‍රියාමාර්ග නිශ්චිතව සඳහන්ව ඇතත්, මෙම ඖෂධය සම්බන්ධයෙන් එම ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව තවදුරටත් ඉතා අපැහැදිළි බවද එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39