අමෙරිකාවෙන් නාවික හමුදාවට චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ධාරිතාවය සහ සන්නිවේදන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ‘Fleet Broadband’ චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිලවශයෙන් පිරිනමා තිබෙනවා.

මෙම නවීන තාක්‍ෂණික දායකත්වය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා බලඇණියේ (Offshore Patrol Fleet) සමුද්‍රීය සන්නිවේදන හැකියාවන් සහ නිරීක්‍ෂණ මෙහෙයුම් ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙනවා.

මෙම ප්‍රදානය පිළිබඳ නිල ප්‍රකාශය ජූනි 22 වන දින කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජබාහු (SLNS Gajabahu) නෞකාවේ විශේෂ පිළිගැනීමේ උත්සවයකදී සිදු කෙරුණා.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්, Dr. S. Paul Kapur සහ දෙරට නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර පැමිණි සම්භාවනීය අමුත්තන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය S. Paul Kapur ප්‍රකාශ කළේ, ලොව කාර්යබහුලම නැව් මාර්ග කිහිපයක සමුද්‍රීය සන්නිවේදන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මෙම Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන තාක්‍ෂණය ලබාදෙන බවයි.

දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වටිනා මෙම චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකා (OPVs) තුළ ස්ථාපනය කිරීමට නියමිතයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් චන්ද්‍රිකා සන්නිවේදන තාක්‍ෂණයෙන් බලගැන්වෙන මෙම Fleet Broadband පද්ධතිය මඟින් ගැඹුරු මුහුදේදී සිදුකරන ක්‍රියාන්විතවලදී පවා විශ්වාසනීය හඬ, දත්ත සහ තොරතුරු හුවමාරුව සහතික කරමින් ආරක්‍ෂිතව නැවෙන් නැවට (ship-to-ship) සහ නැවේ සිට ගොඩබිමට (ship-to-shore) සන්නිවේදනය කිරීමට පහසුකම් සලසා දෙන අතර, නාවික හමුදා මූලස්ථානය, ගුවන් යානා සහ ඉන්දියන් සාගර කලාපය (IOR) පුරා යොදවා ඇති නෞකා අතර තත්‍ය කාලීන (real-time) සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම Fleet Broadband පද්ධතිය හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය (maritime domain awareness) සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමක් වන අතර, එය ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බවයි.

උපායමාර්ගිකව වැදගත් වන සමුද්‍රීය මාර්ග ඔස්සේ සිදුවන ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කිරීමෙහිලා ශ්‍රී ලංකා නාවික හමුදාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.

එමෙන්ම, මෙම Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතිය මඟින් නාවික හමුදාවේ බලඇණි පුරා අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමටත්, කලාපිය හවුල්කරුවන් සමඟ කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීමටත් ඇති හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වන බව ද ඔහු අවධාරණය කළා.

මෙලෙස ඉහළ නංවන ලද සන්නිවේදන පද්ධතිය මගින් නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් සඳහා වඩාත් සම්බන්ධීකරණය වූ ප්‍රතිචාර දැක්වීම් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද සහ ගෝලීය සැපයුම් මාර්ග වල අඛණ්ඩ ආරක්‍ෂාව සහ විශ්වාසනීයත්වය සහතික කරනු ඇති බව ද ඔහු සඳහන් කළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරිනී (Chargé d’Affaires) Jayne Howell , ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02
Video thumbnail
කථානායකගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය වීමක් ගැන දොලවත්ත හෙළිකරයි
05:22
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25