චීන ජනපති අපේ අගමැතිට කී විශේෂ රහස; දිගු කාලීන මිතුරුකම එළියට එයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (24) චීනය බලා පිටත්ව ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණ ආරාධනාවක් අනුවයි.

එහි ගිය අග්‍රාමාත්‍යවරයා, චීන ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය ලී චියැං සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු රැසක් හමු වුණා.

එරට කථානායකවරයා ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනව හමු වූ අතර, දෙරට අතර ගිවිසුම් 09ක් අත්සන් තැබුවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC)හි ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leiji ද මුණගැසී සාකච්ඡා කළ දිනේෂ්, බීජිං හි තියාන්මන් චතුරස්‍රයට පැමිණ දිවිපිදූ රණවිරුවන්ට, රණවිරු ස්මාරකයේදී පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

ඔහු පළමුවෙන්ම කළේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී, ශ්‍රී ලාංකේය වෘත්තිකයන් හමුවීමයි.

“වත්මන් ආර්ථික සංවර්ධන ප්‍රයත්නයන්ට සහභාගීවෙලා මව්බිමට සම්පතක් වෙන්න, මේ වෙලාවේ ඒක අත්‍යවශ්‍යයි” අග්‍රාමාත්‍යවරයා එහිදී ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

බිජිං අගනුවර සිංහ ධජ සාගරයක් සේ දක්නට ලැබුණේ චීනයේ සියලු ප්‍රධාන නායකයන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් වෙනුවෙන් හමුවීම් සංවිධාන කර තිබූ නිසාවෙන්.

චීන අගමැති ලී චියැං, දිනේෂ් ගුණවර්ධනව මහජන චීනයට පිළිගත්තේ විශේෂ උත්සවයක් පවත්වමින්.

ඔවුන්ට අග්‍රාමාත්‍ය දිනේෂ් සමඟ විශේෂ බැඳියාවක් තිබුණා.

“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය අඛණ්ඩව කටයුතු කළා” චීන අග්‍රාමාත්‍ය ලී චියැං සඳහන් කළේ රාජ්‍ය තාන්ත්‍රික නිල සාකච්ඡා අතරතුරයි.

අතිශය වැදගත් වූයේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවති සාකච්ඡාවයි.

ෂී ජින්පින් සහ දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාව පැයකට අධික කාලයක් පැවැත් වුණා.

ඒ, බීජිං අගනුවර මහජන චීන නිල මහා ශාලාව හෙවත් ග්‍රේට් ශාලාවේදීයි.

“ශතවර්ෂයකට ආසන්න කාලයක්, පිලිප් ගුණවර්ධන සහෝදරයා සහ පවුලේ උදවිය චීනයේ ඉතා සමීපතම මිතුරන් ලෙස අපි සලකනවා. ඔබේ පැමිණිම දීර්ඝකාලීන මිත්‍රයෙක් හමුවුණා හා සමානයි. ඒ නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට විශේෂ සහයෝගයක් අපි ලබා දෙනවා” යැයි චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ මහත් ලෙංගතුකමකින්.

පිලිප්ගේ මුණුපුරාවන, දිනේෂ් ගුණවර්ධනගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ද ඒ අවස්ථාවේ එහි සහභාගීව සිටියා.

රාජ්‍ය අමාත්‍යවරු වන ෂෙහාන් සේමසිංහ හා අශෝක ප්‍රියන්තද මෙම සංචාරයට අග්‍රාමාත්‍යවරයා සමඟ එක වුණා.

චීන ජනපති එසේ සිහිපත් කළේ, පිලිප් ගුණවර්ධනයන් සහ කුසුමා ගුණවර්ධන ගැනයි.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ මුල්ම සභාපතිනිය (1950) වන්නේ දිනේෂ්ගේ මව,කුසුමා ගුණවර්ධනයි.

1956 පෙරළියට පෙර 1951දී පිලිප් චීනයට ගියේ, චීන විප්ලවයෙන් පසු එරටට ගිය පළමු ශ්‍රී ලංකේය කණ්ඩායම ලෙසයි.

නොබැඳි පිළිවෙතට අඩිතාලම දැමුනේ ද එම සංචාරයේ දී වීම විශේෂත්වයක්.

“ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටියා.

ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, චීනයේ හයිනාන් නුවර දී 2024.03.28 දින, අමතමිනි. දිනේෂ් ගුණවර්ධන, චීන බෞද්ධ සංගමයේ සභාපති, අතිපූජ්‍ය Yan Jue හිමියන්, බීජිං නුවරදී හමුවී දෙරට අතර පවතින බෞද්ධ සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වනු ලැබුවා.

කොළඹ සහ ෂැංහායි අතර සහෝදර නගර ගිවිසුම අත්සන් කර බොහෝ කාලයක් ගත වී තිබෙනවා.

“තම සහෝදර ප්‍රසන්න ගුණවර්ධන කොළඹ නගරාධිපති ධුරයේ සිටින කාලයේ අත්සන් කළ මෙම ගිවිසුම යටතේ තවදුරටත් විශාල වැඩ කොටසක් සිදු කළ හැකියි” චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති ගොං සැනග් හමුවෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් සඳහන් කළා.

චීනයේ විශාලතම ඉදිකිරීම් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගම (CCCC), චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන Huawei යන සමාගම් සමඟ බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වනු ලැබුවා.

චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං හි නිවර්තන විද්‍යා පිළිබඳ චීන ඇකඩමියේ නිරීක්ෂණ චාරිකාවකට ද අග්‍රාමාත්‍ය දිනේෂ් පසුගිය 28වන දින එක් වුණා.

අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරයේ දී දෙපාර්ශ්වය, කාර්මික ආයෝජන, ප්‍රමිතිකරණය, ජීවනෝපාය ආධාර, කෘෂිකර්මය, මාධ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තිබුවා.

Xinhua පුවත් සේවය වාර්තා කළේ, චීන මහජන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ඊයේ (29) දින දින ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08