මොස්කව් ප්‍රහාරය ගැන ජනපති පුටින් යුක්‍රේනයට ඇඟිල්ල දිගු කරයි

මොස්කව් නුවර ජනාකීර්ණ සංගීත ප්‍රසංගයකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ තුවක්කුකරුවන් සිව්දෙනාම අත්අඩංගුවට ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ප්‍රහාරකයින් ගොඩනැගිල්ලට කඩා වැදී, ඉවක් බවක් නොමැතිව කළ වෙඩි තැබිමෙන් සහ පසුව ශාලාවට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 133 දෙනෙකු මිය ගිය අතර 140 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රුසියාව සදහන් කලේ පුද්ගලයන් 11 දෙනෙකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම අදාළ ප්‍රහාරය සිදුකළ තුවක්කුකරුවන් සිව්දෙනා යුක්‍රේනය බලා යමින් සිටියදී අල්ලා ගත් බවයි රුසියානු බලධාරීන් සදහන් කළේ.

මොස්කව්හි ක්‍රොකස් නගර ශාලාව තුළ බරපතල ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ වාර්තා වූයේ සිකුරාදා එරට වේලාවෙන් රාත්‍රී 08.00ට පමණයි.

මෙම ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී තිබුණේ රොක් සංගීත ප්‍රසංගයක් සඳහා රැස්ව සිටි 6,200කට වැඩි පිරිසක්.

ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) කණ්ඩායම පවසන්නේ ප්‍රහාරය පිටුපස සිටියේ තමන් බවයි.

ටෙලිග්‍රෑම් හි IS නාලිකාව, පහරදීමට සම්බන්ධ යැයි ඔවුන් ප්‍රකාශ කළ මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් සිව් දෙනාගේ රූපයක් ඊයේ (23)දින පලකරනු ලැබුවා.

කෙසේ වෙතත් ISIS ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ත්‍රස්ත සංවිධානය පසුව ප්‍රහාරයේ දර්ශන නිකුත් කර තිබුණා.

තුවක්කුකරුවන් වෙඩි තැබීමෙන් අනතුරුව එම ශාලාවට ගිනි තැබූ අතර Tass රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ගොඩනැගිල්ලෙන් තුනෙන් එකක් පමණ ගින්නෙන් විනාශ ඇති බවයි.

ප්‍රහාරකයන් විසින් ප්‍රසංග ශාලාවට ගිනි තැබීමට ගිනිගන්නා සුළු දියරයක් භාවිත කළ බවත්, වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහ පිලිස්සීමෙන් මියගිය අයගේ මරණ සිදුව ඇති බවත් රුසියානු විමර්ශන කමිටුව ප්‍රකාශ කළා.

රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ව්ලැඩිමීර් පුටින්, රුසියාවේ වසර 20කට ආසන්න කාලයක් තුළ සිදු වූ මාරාන්තිකම සංහාරය “ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හෙළා දුටු අතර ප්‍රහාරකයන් යුක්‍රේනයට පැන යාමට උත්සාහ කළ බවට රුසියානු ආරක්ෂක අංශ විසින් මීට පෙර කළ ප්‍රකශය පුනරුච්චාරණය කළා.

තමන් යම් ආකාරයකින් ප්‍රහාරයට සම්බන්ධ වූ බවට කරන ප්‍රකාශය කියෙව් විසින් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනයට “දොස් පැවරීමට” පුටින් උත්සාහ කරන බවට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෛන්ස්කි චෝදනා කළා.

“වගකීමක් නොමැති පුටින්, රුසියාවේ තම පුරවැසියන් සමඟ ගනුදෙනු කරනවා වෙනුවට, යුක්‍රේනයට චෝදනා කරන්නේ කෙසේදැයි සිතමින් දවසක් නිහඬව සිට බව සෙලෙන්ස්කි පැවසුවා.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළේ මේ මස මුල මොස්කව්හි ප්‍රසංග ඇතුළු “විශාල රැස්වීම්” වෙත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට රුසියාවට අනතුරු ඇඟවූ බවයි.

එකල ක්‍රෙම්ලිනය එය “ප්‍රචාරක වැඩපිළිවෙළක්” සහ මෑත රුසියානු මැතිවරණයට මැදිහත් වීමට වොෂින්ටනය ගත් උත්සාහයක් ලෙස ඉවත දැමුවා.

සෙනසුරාදා ධවල මන්දිරය ප්‍රකාශ කළේ එම “නීච” ප්‍රහාරය හෙළා දකින අතර ඉස්ලාමීය රාජ්‍යය “සෑම තැනකදීම පරාජය කළ යුතු පොදු ත්‍රස්තවාදී සතුරෙකු” ලෙස සලකන බවයි.

සෙනසුරාදා, ප්‍රසංග ශාලාවෙන් පිටත පිහිටවූ තාවකාලික ස්මාරකයක් අසල ඉටිපන්දම් දල්වමින් සහ මල් තබමින් මොස්කොව් වැසියන් සිය ශෝකය ප්‍රකාශ කරන ආකාරය දක්නට ලැබුණා.

තවත් සමහරු සමූල ඝාතනයෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් ලේ දන් දීමට පෝලිම් ගැසී සිටින ආකාරයත් විදෙස් මාධ්‍ය වල සටහන්ව තිබුණා.

මොස්කව් සහ අනෙකුත් නගරවල ඉලෙක්ට්‍රොනික දැන්වීම් පුවරු තනි දැවෙන ඉටිපන්දමක රූපය සහ “Skorbim” -හෙවත් “අපි වැලපෙමු” යන වචනය ප්‍රදර්ශනය කර තිබෙනවා.

ජනාධිපති පුටින් අද (24)දින (ඉරිදා) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්.

ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් ස්මරණය කරමින් රටවල් රැසක රුසියානු තානාපති කාර්යාල ඉදිරිපිටද තාවකාලික ස්මාරක ඉදි කර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙම ප්‍රහාරය නීච හා බියගුලු ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හෙළා දැක තිබෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම ශෝකජනක අවස්ථාවේ ඉන්දියාව රුසියාව සමඟ සිටින බවයි.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම සිදුවීම තරයේ හෙළා දකින අතර විපතට පත් ජනතාවට සිය ශෝකය පළ කරන බවයි.

ප්‍රහාරයෙන් අනතුරට ලක් වූ කිසිදු ශ්‍රී ලාංකිකයෙක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැතැයි අප කළ විමසිමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03