හැරී සහ මේගන් වේල්සයේ කුමරියට ඉක්මන් සුවය පතයි

සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය, වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට ඉක්මන් සුවය පතා තිබෙනවා.

කේට් මිඩ්ල්ටන් කුමරියට පිළිකා රෝගය වැළඳී ඇති බවට දැනගත් පසු ඔවුන් දෙදෙනා මෙලෙස ඇයට ඉක්මන් සුවය පතා ඇති බවයි වාර්තා වන්නේ.

කෙටි ප්‍රකාශයක් කරමින්, හැරී කුමරු සහ මේගන් කියා සිටියේ කේට් කුමරිය සහ ඇගේ පවුලේ අය “පෞද්ගලිකව සහ සාමයෙන්” සුවය ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් ඊයේ නිවේදනය කළේ තමන් පිළිකා රෝගයකින් පීඩා විඳින බවත් මේ වනවිටත් ඒ සඳහා මූලික ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි.

කේට් කුමරියට පසුගිය ජනවාරි මාසයේ දී උදර සැත්කමක් කළ නමුත් එම අවස්ථාවේ දී පිළිකාවක් ඇති බව දැන සිට නැහැ.

පසුව කරන ලද පරීක්ෂණවල දී ඇයට පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වූ බවයි කෙන්සිංටන් මාලිගය පැවසුවේ.

කෙසේ වෙතත් පිළිකාව පිළිබඳ තොරතුරු අනාවරණය කර නොමැති අතර, කුමරිය සම්පූර්ණ සුවය ලබන බව විශ්වාස කරන බවයි කෙන්සිංටන් මාලිගය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා දැන්
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11