මෙරට මුහුදු සිමාවේ අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දීය යාත්‍රා 05ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ (20)දින රාත්‍රී කාලයේ තලෛයිමන්නාරමට හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් මෙම සැකකරුවන් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

එහිදී, තලෛයිමන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු සහ ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින්ව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහ මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

එමෙන්ම 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා විසි තුනක් සහ ඉන්දීය ධීවරයින් එකසිය හැත්තෑ අට දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබීමද විශේෂත්වයක්.

WhatsApp Image 2024 03 21 at 15.34.31
WhatsApp Image 2024 03 21 at 15.34.28
WhatsApp Image 2024 03 21 at 15.34.27
WhatsApp Image 2024 03 21 at 15.34.19 1
WhatsApp Image 2024 03 21 at 15.34.14 1
WhatsApp Image 2024 03 21 at 15.34.13 1
WhatsApp Image 2024 03 21 at 15.33.42 1
WhatsApp Image 2024 03 21 at 15.34.22 1
WhatsApp Image 2024 03 21 at 15.33.36
WhatsApp Image 2024 03 21 at 15.34.21


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12