සංචාරක කර්මාන්තයේ නිරතවන්නන්ට සුභ ආරංචියක්

සංචාරක කර්මාන්තයේ නිරතව සිටින පාර්ශවයන්ගෙන් පළාත් පාලන මට්ටමින් අය කරන බදු අඩු කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන මට්ටමින් ලියාපදිංචි වී සිටින ආයතන හා නැති ආයතන අතර බදු ගෙවීමේ පරතරය අවම කිරීමටත් මේ හරහා හැකි වනු ඇති බවට සංචාරක අමාත්‍යංශය දන්වා තිබෙනවා.