දෙපිළටම තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගය අද – මතීෂට තරගය අහිමිවෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය සිල්හෙට්හිදී අද (09) පැවැත්වෙනවා.

මෙම තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර මේ දක්වා පැවැති තරග දෙක කණ්ඩායම් දෙකම තරග 1-1ක් ලෙසින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

ඒ, අනුව අද තරගයේ ජයග්‍රහණය දෙපිළටම වැදගත් වන්නේ තරගාවලියේ ශූරයින් කවුරුන් ද යන්න තීරණය කිරීම සදහායි.

මෙම තරගය එළබෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් දෙකම ක්‍රීඩාකරන අවසන් ජාත්‍යන්තර විස්ස විස්ස තරගය වීමද විශේෂත්වයක්.

මේ අතර අද තරගය සදහා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රීඩා නොකරන බවට වාර්තා වුණා.

ඒ, ඔහු වම් පාදයේ මස්පිඩු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

දෙරට අතර පෙරේදා පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී මතීෂ මෙම ආබාධයට ලක්වුණා.

තරග දෙකක තහනමකින් අනතුරුව අද තරගය සදහා ශ්‍රී ලංකා නිත්‍ය විස්සයි විස්ස නායක වනිදු ක්‍රීඩා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12