දෙපිළටම තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගය අද – මතීෂට තරගය අහිමිවෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය සිල්හෙට්හිදී අද (09) පැවැත්වෙනවා.

මෙම තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර මේ දක්වා පැවැති තරග දෙක කණ්ඩායම් දෙකම තරග 1-1ක් ලෙසින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

ඒ, අනුව අද තරගයේ ජයග්‍රහණය දෙපිළටම වැදගත් වන්නේ තරගාවලියේ ශූරයින් කවුරුන් ද යන්න තීරණය කිරීම සදහායි.

මෙම තරගය එළබෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් දෙකම ක්‍රීඩාකරන අවසන් ජාත්‍යන්තර විස්ස විස්ස තරගය වීමද විශේෂත්වයක්.

මේ අතර අද තරගය සදහා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රීඩා නොකරන බවට වාර්තා වුණා.

ඒ, ඔහු වම් පාදයේ මස්පිඩු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

දෙරට අතර පෙරේදා පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී මතීෂ මෙම ආබාධයට ලක්වුණා.

තරග දෙකක තහනමකින් අනතුරුව අද තරගය සදහා ශ්‍රී ලංකා නිත්‍ය විස්සයි විස්ස නායක වනිදු ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
3
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01