පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර ගැටුමක් – උඩප්පුවට පොලිස් ආරක්ෂාව යොදවයි

පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර ඇතිවූ බව කියන ගැටුමක් හේතුවෙන් නොසන්සුන්වී තිබූ උඩප්පුව මේ වන විට සාමාකාමී තත්ත්වයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (05) රාත්‍රී 11.30 ට පමණ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අද (06) අළුයම 2.00 පමණ වන තුරු පැවතුනා.

උඩප්පුව පොලිසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ යන අය ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී උඩප්පුව – ආඩිමුනේ ප්‍රදේශයේදී ප්‍රභූ නම් අයෙකු සමග උප පොලිස් පරීක්ෂකවරයා බහින් බස්වීමක් ඇති කරගෙන තිබුණා.

අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා විසින් ප්‍රභූ යන පුද්ගලයාට පහර දීමක්ද සිදු කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයා සාදයකට ගොස් ආපසු පොලිස් ස්ථානය බලා ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සදහා ප්‍රදේශවාසීන් විසින් උඩප්පුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ සමගම ප්‍රභූ යන අය තමන්ටද පහර දුන් බව පවසමින් උප පොලිස් පරීක්ෂකවරයාද උඩප්පුව රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පහර කෑමට ලක්වූ බව කියමින් රෝහල් ගත වී සිටින දෙදෙනාවම වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කරමින් සිටින විට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් රෝහල වට කර විරෝධතාවයක නිරත වූවා.

එහි දී ගම්වැසියාට පහර දුන් පොලිස් නිලධාරියාව වෙනත් රෝහලකට මාරු නොකරන ලෙස ඉල්ලමින් ගම්වැසියන් රෝහල ආසන්නයේ කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර සිද්ධියත් සමගම උඩප්පුව පොලිසියේ නිලධාරීන් පොලිස් ස්ථානය තුළට සීමා කරන්නට උසස් නිලධාරීන් කටයුතු කර තිබුණා.

පසුව මුන්දලම පොලිස් ස්ථානාධිපතිගේ මැදිහත් වීමෙන් පහර කෑමට ලක්වූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාව පුත්තලම මූලික රෝහලටද, ප්‍රභූ යන අයව හලාවත මහා රෝහලටද අද (06) අළුයම 2.30 ට පමණ මාරු කර යවා තිබෙනවා.

උප පොලිස් පරීක්ෂකවරයා සමග මත්පැන් පානය කර මෝටර් කාර් රථයකින් ගමන් කරමින් සිටි බව කියන වැලි ජාවාරම්කරුවාව මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා මුන්දලම පොලිසියේ නිලධාරීන් යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16