පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර ගැටුමක් – උඩප්පුවට පොලිස් ආරක්ෂාව යොදවයි

පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර ඇතිවූ බව කියන ගැටුමක් හේතුවෙන් නොසන්සුන්වී තිබූ උඩප්පුව මේ වන විට සාමාකාමී තත්ත්වයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (05) රාත්‍රී 11.30 ට පමණ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අද (06) අළුයම 2.00 පමණ වන තුරු පැවතුනා.

උඩප්පුව පොලිසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ යන අය ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී උඩප්පුව – ආඩිමුනේ ප්‍රදේශයේදී ප්‍රභූ නම් අයෙකු සමග උප පොලිස් පරීක්ෂකවරයා බහින් බස්වීමක් ඇති කරගෙන තිබුණා.

අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා විසින් ප්‍රභූ යන පුද්ගලයාට පහර දීමක්ද සිදු කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයා සාදයකට ගොස් ආපසු පොලිස් ස්ථානය බලා ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සදහා ප්‍රදේශවාසීන් විසින් උඩප්පුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ සමගම ප්‍රභූ යන අය තමන්ටද පහර දුන් බව පවසමින් උප පොලිස් පරීක්ෂකවරයාද උඩප්පුව රෝහලට ඇතුළත් වී තිබෙනවා.

පහර කෑමට ලක්වූ බව කියමින් රෝහල් ගත වී සිටින දෙදෙනාවම වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කරමින් සිටින විට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් රෝහල වට කර විරෝධතාවයක නිරත වූවා.

එහි දී ගම්වැසියාට පහර දුන් පොලිස් නිලධාරියාව වෙනත් රෝහලකට මාරු නොකරන ලෙස ඉල්ලමින් ගම්වැසියන් රෝහල ආසන්නයේ කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර සිද්ධියත් සමගම උඩප්පුව පොලිසියේ නිලධාරීන් පොලිස් ස්ථානය තුළට සීමා කරන්නට උසස් නිලධාරීන් කටයුතු කර තිබුණා.

පසුව මුන්දලම පොලිස් ස්ථානාධිපතිගේ මැදිහත් වීමෙන් පහර කෑමට ලක්වූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාව පුත්තලම මූලික රෝහලටද, ප්‍රභූ යන අයව හලාවත මහා රෝහලටද අද (06) අළුයම 2.30 ට පමණ මාරු කර යවා තිබෙනවා.

උප පොලිස් පරීක්ෂකවරයා සමග මත්පැන් පානය කර මෝටර් කාර් රථයකින් ගමන් කරමින් සිටි බව කියන වැලි ජාවාරම්කරුවාව මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා මුන්දලම පොලිසියේ නිලධාරීන් යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46