Empty Ad
Empty Ad
 Empty Ad

මාලිංගගෙන් මතීෂට පාඩමක්

බංග්ලාදේශය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ඊයේ (05) රාත්‍රියේ අවසන් වුණේ ලකුණු 03ක තියුණු ජයක් ශ්‍රී ලංකාව හිමිකර ගනිමින්.

නොතිබූ ජයක් ශ්‍රී ලංකාවට අත්කර දුන් දසුන් ශානක යැවූ තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාර පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

එහිදී තරගය ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරය තුළ බංග්ලාදේශ පිත්කරුවන්ට ලකුණු 12ක ඉලක්කයක් හිමිව තිබූ අතර, එම පන්දුවාරයේ දී දසුන් කඩුලු දෙකක් බිඳ දමමින් ලබා දුන්නේ ලකුණු 08ක් පමණයි.

මේ අතර මෙම තරගයේ දී මතීෂ පතිරණයේ පන්දු යැවීමේ රිද්මය ගිලිහී ගොස් ඇති ආකාරය දැකගත හැකි වුණා.

ඒ, හේතුවෙන් ඔහු සිය පන්දුවාර 04 අවසන් කළේ එක් කඩුල්ලක් දවාගෙන ප්‍රතිවාදීන්ට ලකුණු 54ක් ලබා දෙමින්.

එහිදී මතීෂ සිය පන්දුවාර 04 තුළ නිපන්දු 03ක් සහ වයිඩ් පන්දු 09ක් යොමුකරමින් අතිරේක පන්දු 12ක් යවා තිබුණා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේගපන්දු යවන්නෙක්වන ලසිත් මාලිංග තරගයෙන් අනතුරුව සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් ඒකකර තිබුණා.

එම සටහනේ ඔහු දක්වා තිබුනේ විශිෂ්ට ලෙස දසුන් ශානක ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වූ බවයි.

එමෙන්ම තරුණ මතීෂට ඉදිරි අභියෝගවලට වඩා හොඳින් හැඩගැසීමට සහ විශිෂ්ට දස්කම් දැක්වීමට මේවා වටිනා පාඩම් බවත් මාලිංග එහි සඳහන් කර තිබෙනවා.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
142
+1
5
+1
46
+1
10
+1
38
+1
16
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - සජිත් එකතුවෙයි.. රෝහිත, චාමර දොට්ට
18:23
Video thumbnail
අනුරගේ බැනර් අරගෙන කොල්ලෝ කෙල්ලෝ මහ පාරේ - කෝ මේවට විසඳුම් - බලධාරීන් බුදිද ?
02:02
Video thumbnail
අපි 2/3ක් ඉල්ලුවේ නෑ - පාර්ලිමේන්තුවේ වල් පැළයක් දෙකක් තියෙයි ගනන් ගන්න එපා
08:56
Video thumbnail
මාලිමාවේ ආණ්ඩුව ගැන SB සතුටින් කිව්ව දේ
11:05
Video thumbnail
වසන්ත සමරසිංහ මෝල් හිමියන්ගේ සාක්කුවේ..?
12:06
Video thumbnail
මුස්ලිම් ජනතාව නියෝජනය කරන්න කැබිනට් ඇමතිවරයෙක් නෑ - උඩින් බටර් ගාලා - නිකන් ශේප් වෙන්න බෑ
05:13
Video thumbnail
වේයන්ගොඩ නිධානය වගේ මාලිමාව ගැන සිහිනයත් බොඳ වෙනවා
06:50
Video thumbnail
කාලගුණය දරුණු අතට
03:32
Video thumbnail
මාලිමා ආණ්ඩුවට දේශපාලනික අත්දැකීම් නෑ - ආණ්ඩුවේ නොහැකියාව පෙන්නන්න සන්දර්ශන පවත්වනවා #npp
03:17
Video thumbnail
පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක් - මාත්ද්‍රව්‍ය ජාලයට තිත...
05:18

?