මාලිංගගෙන් මතීෂට පාඩමක්

බංග්ලාදේශය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ඊයේ (05) රාත්‍රියේ අවසන් වුණේ ලකුණු 03ක තියුණු ජයක් ශ්‍රී ලංකාව හිමිකර ගනිමින්.

නොතිබූ ජයක් ශ්‍රී ලංකාවට අත්කර දුන් දසුන් ශානක යැවූ තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාර පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

එහිදී තරගය ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරය තුළ බංග්ලාදේශ පිත්කරුවන්ට ලකුණු 12ක ඉලක්කයක් හිමිව තිබූ අතර, එම පන්දුවාරයේ දී දසුන් කඩුලු දෙකක් බිඳ දමමින් ලබා දුන්නේ ලකුණු 08ක් පමණයි.

මේ අතර මෙම තරගයේ දී මතීෂ පතිරණයේ පන්දු යැවීමේ රිද්මය ගිලිහී ගොස් ඇති ආකාරය දැකගත හැකි වුණා.

ඒ, හේතුවෙන් ඔහු සිය පන්දුවාර 04 අවසන් කළේ එක් කඩුල්ලක් දවාගෙන ප්‍රතිවාදීන්ට ලකුණු 54ක් ලබා දෙමින්.

එහිදී මතීෂ සිය පන්දුවාර 04 තුළ නිපන්දු 03ක් සහ වයිඩ් පන්දු 09ක් යොමුකරමින් අතිරේක පන්දු 12ක් යවා තිබුණා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේගපන්දු යවන්නෙක්වන ලසිත් මාලිංග තරගයෙන් අනතුරුව සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් ඒකකර තිබුණා.

එම සටහනේ ඔහු දක්වා තිබුනේ විශිෂ්ට ලෙස දසුන් ශානක ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වූ බවයි.

එමෙන්ම තරුණ මතීෂට ඉදිරි අභියෝගවලට වඩා හොඳින් හැඩගැසීමට සහ විශිෂ්ට දස්කම් දැක්වීමට මේවා වටිනා පාඩම් බවත් මාලිංග එහි සඳහන් කර තිබෙනවා.

1 3
  1. වේලාවට එක්කෙනෙක්ට ඕවර් හතරක් තියන්නේ පහක් තිබුණනම් බංග්ලාදේශ මැච් එක දිනන්නේ බෝල තුනක් ඉතුරු කරලා…. well done mathisha pathirana… ඔයා තමයි හොඳටම කරේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46