spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලිංගගෙන් මතීෂට පාඩමක්

බංග්ලාදේශය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ඊයේ (05) රාත්‍රියේ අවසන් වුණේ ලකුණු 03ක තියුණු ජයක් ශ්‍රී ලංකාව හිමිකර ගනිමින්.

නොතිබූ ජයක් ශ්‍රී ලංකාවට අත්කර දුන් දසුන් ශානක යැවූ තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාර පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

එහිදී තරගය ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරය තුළ බංග්ලාදේශ පිත්කරුවන්ට ලකුණු 12ක ඉලක්කයක් හිමිව තිබූ අතර, එම පන්දුවාරයේ දී දසුන් කඩුලු දෙකක් බිඳ දමමින් ලබා දුන්නේ ලකුණු 08ක් පමණයි.

මේ අතර මෙම තරගයේ දී මතීෂ පතිරණයේ පන්දු යැවීමේ රිද්මය ගිලිහී ගොස් ඇති ආකාරය දැකගත හැකි වුණා.

ඒ, හේතුවෙන් ඔහු සිය පන්දුවාර 04 අවසන් කළේ එක් කඩුල්ලක් දවාගෙන ප්‍රතිවාදීන්ට ලකුණු 54ක් ලබා දෙමින්.

එහිදී මතීෂ සිය පන්දුවාර 04 තුළ නිපන්දු 03ක් සහ වයිඩ් පන්දු 09ක් යොමුකරමින් අතිරේක පන්දු 12ක් යවා තිබුණා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේගපන්දු යවන්නෙක්වන ලසිත් මාලිංග තරගයෙන් අනතුරුව සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් ඒකකර තිබුණා.

එම සටහනේ ඔහු දක්වා තිබුනේ විශිෂ්ට ලෙස දසුන් ශානක ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වූ බවයි.

එමෙන්ම තරුණ මතීෂට ඉදිරි අභියෝගවලට වඩා හොඳින් හැඩගැසීමට සහ විශිෂ්ට දස්කම් දැක්වීමට මේවා වටිනා පාඩම් බවත් මාලිංග එහි සඳහන් කර තිබෙනවා.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
142
+1
5
+1
46
+1
10
+1
38
+1
16
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?