උපන්දින සාදය පිහි ඇණුමකින් කෙළවර වෙයි – රෝහල් ගත කළ දෙදරු පියා ජීවිතක්ෂයට

පුත්තලම, හොරෝයිෂන් පාක් ගම්මානයේ නිවසක ඊයේ (17) රාත්‍රියේ පැවති උපන්දින සාදයක ඇති වූ ගැටුමක දී පිහි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

සාදය අතර තුර සහෝදරයින් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය පුද්ගලයෙක් මෙලෙස පිහි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

පිහි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) දහවල් මියගොස් තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු වූ ජී.ජී.අමිත් මධුරංග නැමති 32 හැවිරිදි පුද්ගලයෙක්.

සාදය අතර තුර සහෝදරයින් දෙදෙනෙක් 24 හැවිරිදි කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ ගැටුම වැලැක්වීම සඳහා ඊට මැදිහත් වූ මෙම පුද්ගලයාට එක් සහෝදරයෙක් විසින් මෙලෙස පිහි ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුම ඇතිවන අවස්ථාවේ දී සහෝදරයින් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් පසු සහෝදරයින් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, අද (18) උදෑසන එක් සහෝදරයෙක් පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර අනෙක් සහෝදරයා පුත්තලම නගරයේ සිට කුරුණෑගල බලා බස් රථයක නැඟී පළායාමට සූදානමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක් වූ දෙදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පුත්තලම මූලික රෝහලේ අධිකරණ විශේඥ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?