උපන්දින සාදය පිහි ඇණුමකින් කෙළවර වෙයි – රෝහල් ගත කළ දෙදරු පියා ජීවිතක්ෂයට

පුත්තලම, හොරෝයිෂන් පාක් ගම්මානයේ නිවසක ඊයේ (17) රාත්‍රියේ පැවති උපන්දින සාදයක ඇති වූ ගැටුමක දී පිහි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

සාදය අතර තුර සහෝදරයින් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය පුද්ගලයෙක් මෙලෙස පිහි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

පිහි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) දහවල් මියගොස් තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු වූ ජී.ජී.අමිත් මධුරංග නැමති 32 හැවිරිදි පුද්ගලයෙක්.

සාදය අතර තුර සහෝදරයින් දෙදෙනෙක් 24 හැවිරිදි කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ ගැටුම වැලැක්වීම සඳහා ඊට මැදිහත් වූ මෙම පුද්ගලයාට එක් සහෝදරයෙක් විසින් මෙලෙස පිහි ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැටුම ඇතිවන අවස්ථාවේ දී සහෝදරයින් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් පසු සහෝදරයින් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, අද (18) උදෑසන එක් සහෝදරයෙක් පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර අනෙක් සහෝදරයා පුත්තලම නගරයේ සිට කුරුණෑගල බලා බස් රථයක නැඟී පළායාමට සූදානමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක් වූ දෙදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පුත්තලම මූලික රෝහලේ අධිකරණ විශේඥ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03