බස් රථ රියදුරන් අතර ඇති වු ආරවුලකට මැදි වූ තරුණයන් පස්දෙනෙකු අත්අඩංගුවට

ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් අතර (14) දින මස්කෙලිය කුඩා මස්කෙලිය ප්‍රදේශයේදි ඇති වු ආරවුලකින් පසු පෞද්ගලික බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරවරයාට පහර දුන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පැවසිය.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයකින් හැටන් දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරන අතරතුර මස්කෙලිය සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථය ඉස්සර කර යාමට අවස්තා කිහිපයකදි උත්සහ කිරිමත් සමග ලංගම බස් රථයේ පසු පස විදුරුවකට කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කළ ගල් ප්‍රහාරයකින් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි ලංගම බස් රථයේ ගමන් කරමින් සිටි තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.

එම තරුණයා තුවාල ලැබිමෙන් පසු කෝපයට පත් ලංගම බස් රථයේ ගමන් කරමින් සිටි තරුණයන් පස්දෙනෙකු බස් රථයෙන් බැස පසු පසින් පැමිණි පෞද්ගලික බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාට පහර දි ඇත.
දෙපාර්ශවයේම ගැටුම හේතුවෙන් මස්කෙලිය හැටන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබු අතර , පසුව මස්කෙලිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ බස් රථ දෙකම මස්කෙලිය පොලිසිය වෙත රැගෙන ගොස් පහර දිමට සම්බන්ධ වු සැකකරුවන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පහර කැමට ලක් වුවේ යැයි කියන පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර , එම දෙදෙනාගේ ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව ලංගම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනිමට පියවර ගන්නා බව මස්කෙලිය පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, සැකකරුවන් අවු 22-24 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

මෙම ගැටුමට සම්බන්ධ සියළුම පාර්ශවයන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් නල්ලතන්නිය මස්කෙලිය හැටන් පෞද්ගලික බස් රථ වර්ජනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26