පොලිස් පහරදීමකින් පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගල්කිස්ස පොලීසිය කළ පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඔහුගේ ඥාතීහූ චෝදනා කරති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වන විටත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

කළුබෝවිල පාසල් මාවතේ පදිංචි සුසන්ත දිසානායක නැමැති පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබේ.

කෙසේවෙතත් තමන්ට පොලීසිය පහරදුන් බව පවසමින් අදාළ පුද්ගලයා 21 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප්‍රතිකාර ලබා 25 වැනිදා යළි නිවසට පැමිණ තිබුණි.

අදාළ පුද්ගලයා 30වන දා අලුයම යළි රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඊයේ (31) උදෑසන ඔහු මිය ගොස් තිබේ.

පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවය.

දේහය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19