මුලතිව් සරුංගල් සැණකෙලියක කොටි සංවිධානයේ ඊලාම් සිතියමක් සහිත සරුංගලයක් 

මුලතිව් මුහුදු වෙරළේ ඊයේ (28) දින සවස සංවිධානය කොට තිබූ සරුංගල් සැණකෙලියක් සඳහා ඒල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඊලාම් සිතියම ඇතුලත් ධජය විදහා දක්වමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවනට යැවීම හේතුවෙන් අදාල තරුණයාගේ මුලතිව් පොලීසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.

මුලතිව් වෙරළට අලංකාරයක් එක්කරනු පිණිස ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙලිය සඳහා මුලතිව් දිස්ත්‍රීක්කයේ බාල මහලු බොහෝ පිරිසක් සිය සරුංගල් නිර්මාණයන් ගුවනට යවමින් විනෝද විය.

කෙසේ වෙතත් මේ අතරේ යුද සමයේදී ඒල්.ටී.ටී.ඊ සංවිධානයේ ඊලාම් සිතියම හා එම සංවිධානය ජාතක ධජය ලෙසින් හැඳින් වූ නියගලා මලද අඩංගු කරමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවන්ගත කිරීම හේතුවෙන් එම සරුංගලය කාගෙත් අවධානයට යොමු විය.

කෙසේ වෙතත් අදාල සරුංගලය පිළිබඳව මුලතිව් පොලීසියට කරුණු අනාවරණය වීමෙන් පසුව අද (29) දින අදාල තරුණයා සොයා ප්‍රශ්ණ කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලීසිය පැවසීය.

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදීද සෑම වසරකම ජනවාරී මස තෛපොන්ගල් දිනට සමගාමීව විශාල සරුංගල් සැණකෙළියක් සංවිධානය කෙරෙන අතර එයට සමගාමීව මුලතිව් මුහුදු වෙරලේදීද ඉදිරියේදී සරුංගල් සැණකෙලි සංවිධානය කරන බවට මුලතිව් සරුංගල් සැණකෙලිය සංවිධානය කරන ලද තරුණයින් වැඩිදුරටත් පැවසූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23
Video thumbnail
රාජපක්ෂලාට හොඳම එකෙන් දෙසයි..පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු..
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22