මධ්‍යම කඳුකරයේ මාර්ගවල මාරාන්තික තැන් 50ක්

මධ්‍යම කඳුකරයේ මාර්ගවල දැඩි අවදානම් සහිත ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඌව, මධ්‍යම හා සබරගමුව පළාත්වලින් මෙම ස්ථාන හඳුනාගෙන ඇති අතර වැඩිම අනතුරුදායක ස්ථාන ප්‍රමාණයක් වාර්තා වන්නේ මධ්‍යම පළාතෙන් බව එම අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අනාරක්ෂිත ස්ථානවලට ආරක්ෂක වැටවල්, බැමි ඉදිකිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීම යම් යම් ප්‍රමාදයන්ට ලක්ව ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධාන මෙම ස්ථානවලට අදාළ නිර්දේශ හා අවසර ලබානොදීමෙන් යැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඌව පළාතේ වැඩිම අන්ත්‍රාදායක ස්ථාන සහිත මාර්ගය ඇල්ල – වැල්ලවාය මාර්ගය වන අතර එම පළාතේ අවදානම් සහිත ස්ථාන තිහක් පමණ හඳුනාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ ටී.කේ.එම්. ගලප්පත්ති ‘අරුණ’ට පැවැසීය.

බදුල්ල මහියංගණ මාර්ගය, පස්සර මාර්ගය, නුවරඑළිය මාර්ගය ආදී මාර්ගවල අවදානම් තත්ත්වයේ ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇතැයිද කී අධ්‍යක්ෂවරයා එකී ස්ථානවලට ආරක්ෂිත වැට සවි කිරීම, බැමි ඉදිකිරීම, මාර්ගයට වැටී ඇති ගල් හා පස් ඉවත් කිරීම් සිදුකරමින් සිටින බවද කීවේය.

මීට අමතරව සබරගමුව පළාතේද එවන් අවදානම් ස්ථාන දහයක් හඳුනාගෙන ඇතැයිද වැඩි අවධානයක් යුතු ස්ථාන 04ක් එහි පවතින බවද කියයි.

මධ්‍යම පළාතේද මහනුවර – මහියංගණය, මහනුවර – නුවරඑළිය, කොළඹ – මහනුවර මාර්ග ඇතුළු මාර්ගවල අන්ත්‍රාදායක ස්ථාන 20ක පමණ ප්‍රමාණයක් පවතින බවද අනාවරණය වේ.

අන්ත්‍රාදායක ස්ථාන වැඩි සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලද එවන් ස්ථාන සැලකියයුතු වශයෙන් පවති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09