මධ්‍යම කඳුකරයේ මාර්ගවල මාරාන්තික තැන් 50ක්

මධ්‍යම කඳුකරයේ මාර්ගවල දැඩි අවදානම් සහිත ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඌව, මධ්‍යම හා සබරගමුව පළාත්වලින් මෙම ස්ථාන හඳුනාගෙන ඇති අතර වැඩිම අනතුරුදායක ස්ථාන ප්‍රමාණයක් වාර්තා වන්නේ මධ්‍යම පළාතෙන් බව එම අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අනාරක්ෂිත ස්ථානවලට ආරක්ෂක වැටවල්, බැමි ඉදිකිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීම යම් යම් ප්‍රමාදයන්ට ලක්ව ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධාන මෙම ස්ථානවලට අදාළ නිර්දේශ හා අවසර ලබානොදීමෙන් යැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඌව පළාතේ වැඩිම අන්ත්‍රාදායක ස්ථාන සහිත මාර්ගය ඇල්ල – වැල්ලවාය මාර්ගය වන අතර එම පළාතේ අවදානම් සහිත ස්ථාන තිහක් පමණ හඳුනාගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂ ටී.කේ.එම්. ගලප්පත්ති ‘අරුණ’ට පැවැසීය.

බදුල්ල මහියංගණ මාර්ගය, පස්සර මාර්ගය, නුවරඑළිය මාර්ගය ආදී මාර්ගවල අවදානම් තත්ත්වයේ ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇතැයිද කී අධ්‍යක්ෂවරයා එකී ස්ථානවලට ආරක්ෂිත වැට සවි කිරීම, බැමි ඉදිකිරීම, මාර්ගයට වැටී ඇති ගල් හා පස් ඉවත් කිරීම් සිදුකරමින් සිටින බවද කීවේය.

මීට අමතරව සබරගමුව පළාතේද එවන් අවදානම් ස්ථාන දහයක් හඳුනාගෙන ඇතැයිද වැඩි අවධානයක් යුතු ස්ථාන 04ක් එහි පවතින බවද කියයි.

මධ්‍යම පළාතේද මහනුවර – මහියංගණය, මහනුවර – නුවරඑළිය, කොළඹ – මහනුවර මාර්ග ඇතුළු මාර්ගවල අන්ත්‍රාදායක ස්ථාන 20ක පමණ ප්‍රමාණයක් පවතින බවද අනාවරණය වේ.

අන්ත්‍රාදායක ස්ථාන වැඩි සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලද එවන් ස්ථාන සැලකියයුතු වශයෙන් පවති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05


?