හැරී බෲක් ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වෙයි

එංගලන්ත පිතිකරු හැරී බෲක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත එංගලන්ත ටෙස්ට් සංචිතයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික හේතුවක් මත බෲක් මෙලෙස එම තරග සංචාරයෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පුහුණු කඳවුරේ සිටි හැරී බෲක් යළි එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

තරග පහකින් සමන්විත තරගාවලියෙන් ඔහු ඉවත්වීමත් සමඟ එංගලන්තය ඩෑන් ලෝරන්ස් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ලබන බ්‍රහස්පතින්දා මෙම තරගාවලියේ පළමු තරගය ආරම්භවීමට නියමිත අතර එංගලන්ත ටෙස්ට් කණ්ඩායම අද (21) දිනයේ හයිද්‍රාබාද් වෙත පැමිණීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

බෲක්ගේ අහිමිවීම දශකයකට වැඩි කාලයක සිට ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු කණ්ඩායම බවට පත්වීමට එංගලන්තය දරණ උත්සාහයට සැළකිය යුතු පහරක් එල්ල කරන බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?