හැරී බෲක් ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වෙයි

එංගලන්ත පිතිකරු හැරී බෲක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත එංගලන්ත ටෙස්ට් සංචිතයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික හේතුවක් මත බෲක් මෙලෙස එම තරග සංචාරයෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පුහුණු කඳවුරේ සිටි හැරී බෲක් යළි එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

තරග පහකින් සමන්විත තරගාවලියෙන් ඔහු ඉවත්වීමත් සමඟ එංගලන්තය ඩෑන් ලෝරන්ස් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ලබන බ්‍රහස්පතින්දා මෙම තරගාවලියේ පළමු තරගය ආරම්භවීමට නියමිත අතර එංගලන්ත ටෙස්ට් කණ්ඩායම අද (21) දිනයේ හයිද්‍රාබාද් වෙත පැමිණීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

බෲක්ගේ අහිමිවීම දශකයකට වැඩි කාලයක සිට ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු කණ්ඩායම බවට පත්වීමට එංගලන්තය දරණ උත්සාහයට සැළකිය යුතු පහරක් එල්ල කරන බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38