පිටරටින් හාල් අවශ්‍ය නෑ – යල කන්නේ වගා හානි සඳහා රුපියල් කෝටි 100ක වන්දි

සහල් පිටරටින් ගෙන්වීමට අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර නියඟය හේතුවෙන් යල කන්නයේ සිදු වූ වගා හානි සඳහා වන්දි ගෙවීමට රජය රුපියල් කෝටි 100ක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

ඉන් රුපියල් කෝටි 50ක් දැනටමත් වන්දි වශයෙන් පිරිනමා ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

ගෙවීමට ඉතිරිව ඇති වන්දි මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

2023 වසරේ බලපෑ නියඟය හේතුවෙන් වී වගා බිම් අක්කර 65,000ක් හානියට පත් වූ අතර, ගොවීන් 61,000ක් පීඩාවට පත් වුණා.

මේ අතර පසුගිය සමයේ පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් පමණ හානියට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව හානියට පත් වූ කුඹුරුවල හානි තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48