Empty Ad
Empty Ad
 Empty Ad

කොරෝනා මිනිසාට බෝ වුණේ මෙන්න මෙහෙමයි

කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබදව චීනයේ වූහාන් නගරයට ගොස් පරීක්ෂණ පැවැත්වූ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායම අද සිය වාර්තාව එළිදක්වනවා.

ඊට පෙර අදාළ වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබුණු බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ.

එහි දැක්වෙන්නේ කොරෝනා වෛරසය බොහෝ දුරට වවුලන්ගෙන් මිනිසාට හුවමාරු වී ඇති අතර, ඒ සඳහා අතරමැදි සත්ත්වයෙකු ද දායක වී ඇති බවයි.

එමෙන්ම, කොරෝනා වෛරසය වූහාන් වෛරස් පරීක්ෂණාගාරයෙන් නික්මුණු බවට එල්ල වන චෝදනා ද ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායම ප්‍රතික්ෂේප කරනවා.

කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 28 ලක්ෂය ඉක්මවා ඇති අතර, ආසාදිත සංඛ්‍යාව දොළොස් කෝටි 82 ලක්ෂයකට අධිකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?