අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි රැඳවියෙකු බන්ධනාගාරය තුලදී ගෙල වැළලාගෙන මියගිය පුවතක් ඊයේ(29) වාර්තා වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ මාතර, තුඩාව, පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි රැඳවියෙක්.
ඔහු හෙරොයින් ලඟ තබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ රඳවා සිටියදී, නිරෝධායනය සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට එවා ඇති අතර, එහිදී ඇඳ සිටි සරමෙන් ඔහු ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියගිය රැඳවියාගේ මළ සිරුර අඟුණකොළපැලැස්ස රෝහලේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද(30) පැවැත්වීමට නියමිතව තිබුනා.











Highly depressed