මහ වැස්සේ කානුවට වැටුණු තිදරු මවක් මරු දකී – කිලෝමීටරයක පමණ දුරක් ගසා ගෙන ගිහින්

මහනුවරට පෙරේදා (28දා) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මහයියාව පූර්ණවත්ත ප්‍රදේශයේ ජල කානුවකට වැටී ගසාගෙන ගිය තිදරු මවක් මරණයට පත්ව තිබෙනවා.

පූර්ණවත්තේ පිහිටි තම නිවෙස ඉදිරිපිට කානුවේ පොලිතින් ඇතුළු කසළ සිර වී එය පිටාර ගැලීම නිසා අදාළ කාන්තාව ඒවා ඉවත් කිරීමට යෑමේදී කානුවට වැටී ජලපහරත් සමඟ ගසාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබුණා.

ජලපහරට අසුවී ගසාගෙන ගිය කාන්තාව බේරා ගැනීමට ගිය ඇගේ සැමියාද කානුවට ඇද වැටී ජලයේ ගසාගෙන ගොස් තිබෙන බවත් ඔහු අතරමඟදී කානුව හරහා වැටී ඇති නළයක් අල්ලාගෙන දිවිබේරාගෙන තිබෙන බවත් වාර්තා වනවා.

ජලපහරේ ගසාගෙන ගිය කාන්තාවගේ මළසිරුර ඇගේ නිවෙසේ සිට කිලෝමීටරයක පමණ දුරින් මහයියාව බිංගෙය ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?