ගෝලීයව වාර්තා වන කොවිඩ් රෝගීන් ඉහළට

පසුගිය සති 04ක කාලය තුළ ගෝලීයව නව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව සියයට 52කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එම කාලය තුළ වාර්තාවූ නව රෝගීන් සංඛ්‍යාව 850,000ක්.

එමෙන්ම, නව COVID-19 රෝගීන් 118,000 කට අධික සංඛ්‍යාවක් රෝහල්ගත කර ඇති අතර, 1,600 කට අධික රෝගීන් සංඛ්‍යාවක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ඇතැයි සඳහන්. එය ගෝලීය වශයෙන් පිළිවෙලින් 23%ක සහ 51%ක වැඩිවීමක්.

පසුගිය සතිවල BA.2.86 Omicron ප්‍රභේදයේ JN.1 යන උප ප්‍රභේදය ව්‍යාප්තිය සීඝ්‍රයෙන් වැඩිවීම ඊට හේතුවී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, JN.1 මඟින් බොහෝ රටවල ශ්වසන ආසාදන වර්ධනය කළ හැකි බවයි.

ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා, Respiratory syncytial (sin-SISH-uhl) virus (RSV) සහ ළමා නියුමෝනියාව යන ශ්වසන රෝග ද වැඩිවෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.

ඔවුන් උපදෙස් දෙන්නේ, ජනාකීර්ණ, සංවෘත හෝ දුර්වල වාතාශ්‍රය පවතින ප්‍රදේශවල මුහුණු ආවරණ පැලඳීම, පුද්ගලයන් අතර ආරක්ෂිත දුරක් පවත්වාගැනීම, ශ්වසන ආචාර විධි අනුගමනය, අත් පිරිසිදුකිරීම සහ රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් පරීක්ෂා කරන ලෙසයි.

මේ අතර, මේ වන විට ගෝලීය COVID 19 රෝගීන් මිලියන 772 කට අධික සංඛ්‍යාවක් සහ COVID 19 මරණ මිලියන 7 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08


?