රජයේ විශේෂඥ දොස්තරලාගේ විශ්‍රාම වයස් සීමාව ගැන අධිකරණ නියෝගයක්

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කළා.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු ඇතුළු වෛද්‍යවරු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් 04 කට අදාළ තීන්දුව ලබාදෙමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව රජයේ සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ “වෛද්‍යවරුන්ට” අදාළ කොටස අහෝසි කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.

රජයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට නීතිමය අපේක්ෂාවක් පවතින බවට පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, සංජීව ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වා තිබුනා.

එම කරුණු පිළිගනිමින් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ රජයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට තිබෙන නීතිමය අපේක්ෂාව සැළකිල්ලට ගෙන මෙම තීන්දුව නිකුත් කරන බවයි

පෙත්සම්කාර වෛද්‍යවරු කියා සිටින්නේ තමන්ට වයස අවුරුදු 63 ක් දක්වා සේවය කිරීමට නීතිමය හැකියාව පවතින බවයි.

එසේ තිබිය දී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව රජයේ සේවයේ නියුතු වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් සඳහන් කරමින් වෛද්‍යවරු සිය පෙත්සම්වලින් සඳහන් කළා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43