කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත වෙයි

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි දෙක බැගින් යළි විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය කටයුතු කර තිබෙනවා.

කලා වැව ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන වර්ෂාවත් සමග කලාවැවේ ජලමට්ටම ඉහළ යාමත් සමග අද පස්වරු 3 සිට එම හදිසි වාන් දොරටු විවෘත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව එමගින් තත්පරයට ඝන අඩි 2017ක ජල ප්‍රමාණයක් මේ වනවිට කලා ඔයට මුදා හැරෙමින් පවතිනවා.

දඹුලු ඔය ඇතුලු ජලමූලාශ ඔස්සේ මේ වනවිට තත්පරයට ඝණ අඩි 2811ක ප්‍රමාණයක් කලාවැවට මේ වනවිටත් එක්වෙමින් පවතින බවයි කලාවැව ජලාශ කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව කලාවැව ජල ධාරිතාවය තවදුරටත් ඉහළ ගියහොත් හදිසි වාන්දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බව ද එම කාර්යාලය ප්‍රකාශ කළා.

මේ වනවිටත් එම ප්‍රදේශයට වර්ෂාව ගලැබෙමින් පවතින අතර පවතින තත්ත්වය අනුව රාත්‍රි කාලයේ බොහෝදුරට කලාවැව හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බව සඳහන්.

එසේ වුවහොත් කලාඔයේ ජල ධාරිතාවය තවදුරටත් ඉහළ යා හැකි බැවින් සිදුවිය හැකි ආපදා අවම කර ගැනීමට අවධානයෙන් සිටින ලෙසටයි කලාඔය දෙපස පදිංචිකරුවන්ට අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14