VAT බදු පනත් කෙටුම්පත අද යළිත් පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට 15%ක් ව තිබූ වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමටත්, මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව තිබූ භාණ්ඩ 97ක් මත අලුතින් වැට් බදු පැනවීමටත් යෝජිත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත හරහා රජය අපේක්ෂා කරනවා.

අදාළ යෝජිත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (10) දිනයේ දී ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වූ විවාදය අතර මඟ නතර කිරීමට සිදුවුණේ පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන්.

පාර්ලිමේන්තු විශේෂ දිනයක් ලෙස නම් කරමින් ඊයේ (10) පෙරවරුවේ ආරම්භ වූ විවාදය පැය කිහිපයකට සීමා වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඝණ පූර්ණය නොමැති බවට පාර්ලිමේන්තුව දැනුවත් කිරීමෙන් පසුවයි.

මෙම තත්ත්වය මත නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුව අද (11) පෙරවරු 9.30 දක්වා කල් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55