ලංකාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය

මෙරටට තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් අනාවරණයකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිවී තිබේ.

ඉකුත් වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි සිට ගුවන් මගින් යම් පාර්සලයක් මෙරටට එවා තිබූ අතර එම පාර්සලයේ සඳහන් වූ නම ව්‍යාජ එකක් බවට එහිදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව අදාළ පාර්සලය ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකු පැමිණ නොමැති අතර එය සැකසහිත පාර්සලයක් බවට හඳුනාගෙන තිබුණි.

එම පාර්සලය තුළ ගංජා මිශ්‍ර කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27ක්, කුෂ් ඔයිල් ග්‍රෑම් 38ක් තිබී සොයාගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊට අමතරව පසුගිය ජනවාරි 4 වනදා ප්‍රංශයේ සිට ඩුබායි හරහා තවත් පුද්ගලයෙකුට පාර්සලයක් ලැබී තිබූ අතර ඒ තුළ මත් පෙති 4962ක් තිබී සොයාගෙන ඇත.

එම පාර්සලය ද ව්‍යාජ නමකට එවා ඇති බවට අනාවරණය වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ අදාළ පාර්සල් එවා තිබූ සමාගම් සමග සම්බන්ධවෙමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ මෙවැනි පාර්සල්, ඒවා එවන පුද්ලගයින් සහ මෙරටදී ඒවා භාරගැනීමට සිටින පුද්ගලයින් ගැන වැඩි අවධනයකින් කටයුතු කරමින් ඇති බවය.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09