අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් දැයට සමුදෙයි

අපවත් වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා.

රාජ්‍ය ගෞරව සහිතව පැවති ආදාහන පූජෝත්සවයට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්වූ ,අතර, ජනාධිපතිවරයාද ඊට සහභාගී වී සිටියා.

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පස්වරු 1.30 වන තෙක් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර තැබුණා.

මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර නිදහස් චතුරස්‍ර පරිශ්‍රය දක්වා ගමන් ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

රිය පෙරහර ගාලු පාර ඔස්සේ බම්බලපිටිය වජිර පාර තෙක් පැමිණ එතැනින් හැව්ලොක් මාර්ගයට පිවිසුණා.

ඉන් අනතුරුව තුම්මුල්ල මංසන්ධියෙන් තර්ස්ටන් පාර ඔස්සේ පැමිණි රිය පෙරහැර ජාතික කෞතුකාගාරය ඉදිරිපිටින් ගමන් කර නන්දා මෝටර්ස් වට රවුමෙන් දකුණට හැරී නිදහස් මාවතට පිවිස නිදහස් චතුරස්‍රය වෙත ළඟා වුණා.

ඒ වන විටත් නිදහස් චතුරස්‍ර පරිශ්‍රය මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින් ඇතුළු විශාල පිරිසකගෙන් පිරීගොස් තිබුණා.

මහනාහිමියන්ගේ දේහය පීඨිකාවේ තැන්පත් කිරීමේ අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මහනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරවය පුද කළා. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආශිර්වාදය යටතේ අධ්‍යාපනය ලබන මියන්මාරය, චීනය හා වියට්නාමයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ
මහනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරවය පුදකළේ ඉන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09