හෙට දිනයේ සුළි කුණාටුවක් – අදත් ගිගුරුම් සහිත වැසි

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 490 ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්,හෙට (03) දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර ලබන 05 වන දිනයවන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල අද (02) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද දැනුම් දෙනවා.

දකුණු සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි අතර, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
2
+1
1
+1
8
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32