AFC Banner
Empty Ad
Empty Ad

අඹු සැමි යුවළක් ඝාතනය කරයි

වව්නියාව චෙට්ටිකුලම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කර තිබෙනවා. අද අලුයම මෙම ඝාතනය සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම යුවළගේ පුත්‍රයා චෙට්ටිකුලම ප්‍රධාන මාර්ගයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර මෙම යුවළ පදිංචිව සිට ඇත්තේ එහි පිටුපස පිහිටි නිවසේයි.

ඊයේ රාත්‍රියේ සුපුරුදු පරිදි ඔවුන්ගේ පුත්‍රයා වෙළඳසැල වසා දමා ඒ ආසන්නයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

අද උදෑසන වෙළෙඳසැල විවෘත කිරීමට පැමිණි පුතා තම මව සහ පියා ලේ ගලමින් වැටී සිටින ආකාරය දැක පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72 සහ 68 වයස්වල පසුවූ දෙදෙනෙක්.

ඔවුන්ගේ සිරුරු අසල තිබී තියුණු ආයුධ තුනක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ යුවළ සිටි නිවසේ තිබූ ස්වර්ණාභරණ ද අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් චෙට්ටිකුලම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?