අඹු සැමි යුවළක් ඝාතනය කරයි

වව්නියාව චෙට්ටිකුලම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කර තිබෙනවා. අද අලුයම මෙම ඝාතනය සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම යුවළගේ පුත්‍රයා චෙට්ටිකුලම ප්‍රධාන මාර්ගයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර මෙම යුවළ පදිංචිව සිට ඇත්තේ එහි පිටුපස පිහිටි නිවසේයි.

ඊයේ රාත්‍රියේ සුපුරුදු පරිදි ඔවුන්ගේ පුත්‍රයා වෙළඳසැල වසා දමා ඒ ආසන්නයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

අද උදෑසන වෙළෙඳසැල විවෘත කිරීමට පැමිණි පුතා තම මව සහ පියා ලේ ගලමින් වැටී සිටින ආකාරය දැක පොලිසියට පැමිණිලි කර ඇතැයි සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72 සහ 68 වයස්වල පසුවූ දෙදෙනෙක්.

ඔවුන්ගේ සිරුරු අසල තිබී තියුණු ආයුධ තුනක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ යුවළ සිටි නිවසේ තිබූ ස්වර්ණාභරණ ද අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් චෙට්ටිකුලම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14